වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට කෙසේ වෙතත් පාතාලයට පුනරුදය උදා වී තිබෙන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ජනතා විමුක්ති පෙරමුණ නම වෙනස් කරගෙන තිබෙනවා මාලිමාව හැටියට. ඉතිහාසය පුරාවටම මේ අය කිව්ව කාරණාව මොකක්ද? හැමදාම කියන්නේ ඒ අය නියෝජනය කරන්නේ නිර්ධන පන්තිය, රට විනාශ කළේ ධනපති පන්තිය නියෝජනය කළ ආණ්ඩු කියලා. ධනපති යැයි කියපු ආණ්ඩු ජනතාවගේ පැත්තෙන් හොඳට කරපු දේවල්වත් මේ අයට කරගන්න බැරිව කෙඳිරි ගානවා.
ධනපති යැයි කියන ආණ්ඩු සාධාරණ මිලකට සහල් ලබා දෙනකොට නිර්ධන පන්තිය නියෝජනය කරන මේ හාදයෝ ටික සහල් දෙන්නේ එදාටත් වැඩිය රුපියල් 100ක් වැඩි කරලා. ධනපති පන්තියට බැරි වුණා කියනවා නිර්ධන පන්තිය රැකගන්න. ඒ නිසා නිර්ධන පන්තිය වෙනුවෙන් හඬ නගලා බලයට ආපු කණ්ඩායම් ටික මේ රටේ සාමාන්‍ය ජනතාව, පොඩි මනුස්සයා, පොදු ජනතාව අමතක කරලා අද මේ අයත් ධනවාදී කොපි කැට්ලා බවට පත්වෙලා.
එක දෙයක් නම් යථාර්ථයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ තමයි සමාජය බිහිසුණු පාතාලයෙන් ගිල ගැනීම. අමුතුම මාදිලියේ පාතාලයක් නිර්මාණය කරන්නට වර්තමාන රජයට හැකියාව ලැබිලා තියෙනවා. පාතාලයේ මුල් බීජය, නාඳුනන තුවක්කුකරුවන්, පැහැර ගැනීමේ සංස්කෘතිය, මිනී මැරීමේ සංස්කෘතිය,
අබිරහස් ලෙස රැගෙන යාමේ සංස්කෘතිය කවුද රටට හඳුන්වලා දුන්නේ? ජනතා විමුක්ති පෙරමුණ. දේශප්‍රේමී ව්‍යාපාරය. ඒ අය තමයි ජඩකම, මැරකම, පිස්තෝල සංස්කෘතිය, තුවක්කු දේශපාලනය මේ රටට අඳුන්වලා දුන්නේ. ඒක මේ රටේ ජනතාව අමතක කරන්න හොඳ නෑ. ඉතින් පොදුජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදයක් ඇතිවෙලා තිබෙනවා.”