වකුගඩු රෝගීන්ට දැනට ලබා දෙන රුපියල් 7500 දීමනාව 2025 ජනවාරි මස සිට රුපියල් 2500කින් වැඩිකරමින් රුපියල් දස දහසක් ලෙස ලබාදීමට රජය තීන්දු කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ ,සහ ප්‍රජා සයිබල ගැන්වීමේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියි.
වකුගඩු රෝගීන්ට දැනට ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් අවසන් කරන බවට පළ වී ඇති ප්රවෘත්ති අසත්‍ය බව කියන අමාත්‍යාංශය ජනවාරි මස සිට එම දීමනාව රුපියල් 2500 කින් ඉහළ නංවා ලබාදෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබා සිටින මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව 47 ,244 ක් වෙයි.
කමල් ශ්‍රී ලියනගේ