“ලෝකයේ ජනගහන අනුපාතය අනුව සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ සෑම 250 කටම එක් රාජ්‍ය සේවකයෙක්. ලංකාවේ සෑම 13 කටම එක රජයේ සේවකයෙක් ඉන්නවා. ලෝකයේ කොහෙවත් මේතරම් විශාල රාජ්‍ය සේවයක් නැහැ. ඒවගේම ලෝකයේ අඩුවෙන්ම වැඩ කරන රට ලංකාව. මම දැක්කා අපි ලංකාවේ වැඩ කරන්නේ වර්ෂයකට දින 170 හෝ 179 ක් කියලා. මේ විදිහට රටක් ඉස්සරහට යන්න පුලුවන්ද.?” යැයි හිටපු කථානායක ,සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සංවිධානයේ සභාපති කරු ජයසුරිය මහතා මතුගම,වැලිපැන්න ශ්‍රී පැරකුම් බොදුමග පදනම මගින් එම පදනමේ 22 වන සංවත්සරයට සමගාමීව මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වූ පාරමී දන්වැට උත්තම පූජා තිලිණ ප්රධානොත්සවයෙදී මෙසේ පැවසීය.
ඒවගේම තවත් වැදගත් දෙයක් තමයි රටක් ඉස්සරහට යන්න නම් අපි වැඩ කරන්න ඕනා. අපි අපේ පපුවට අත තියලා ඇසිය යුතුයි ඒ වගේ අපේ රටේ වැඩ සිදුවෙනවාද කියලා. ලෝකයේ ජනගහන අනුපාතය අනුව සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ සෑම 250 කටම එක් රාජ්‍ය සේවකයෙක්. ලංකාවේ සෑම 13 කටම එක රජයේ සේවකයෙක් ඉන්නවා. ලෝකයේ කොහෙවත් මේතරම් විශාල රාජ්‍ය සේවයක් නැහැ. මම කියන්නේ නැහැ මේ අය අස් කරන්න කියලා. එහෙම නම් අපිට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබිය යුතුයි. අද ලියමන බාර දුන්නාම හෙට පිළිතුර ලබාදෙන්න හැකියාවක් තිබිය යුතුයි. ඒවගේම මේ පුංචි රටේ අපේ හමුදාව කොයි තරම් විශාලද .එංගලන්තයට ,බංගලිදේශයට වඩා විශාල හමුදාවක් අපේ රටේ ඉන්නවා.
ඒවගේම ලෝකයේ අඩුවෙන්ම වැඩ කරන රට ලංකාව. මම දැක්කා අපි ලංකාවේ වැඩ කරන්නේ වර්ෂයකට දින 170 හෝ 179 ක් කියලා. මේ විදිහට රටක් ඉස්සරහට යන්න පුලුවන්ද. මෙව්වා ගැන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා අවධානය යොමුකරන්න. රටක් ඉස්සරහට ගෙනියන්න නම් අපි වැඩ කරන්න ඕනා. අපේ යුතුකම ඉෂ්ඨ කරන්න ඕනා. අපි අවංක වෙන ඕනා.දුෂණය මැඩලන්න ඕනා. මම දේශපාලනයේ නිරත නොවුනත් ඒ පිළිබඳව විශාල වැඩපිළිවෙලක නිරතවෙලා ඉන්නවා. දැන්වත් අපි ආපසු හැරිලා බලලා. අපේ අඩුපාඩු හදාගෙන ,අපි අත්වැල් බැඳගෙන ඉස්සරහට ගියොත් මම හිතන්නේ අපි සාධාරණයක් ඉෂ්ඨ කරනවා ඊළඟ පරපුරට.
මම මේ රටේ නිදහසට පෙර උපන් පුද්ගලයෙක්. මමත් නිදහස් උත්සවයට පාසල් ශිෂ්‍යයෙක් ලෙස ජාතික කොඩියක් අරන් සහභාගී වුනා. එතකොට අපේ රට තිබිච්ච තත්වය ,ඉතාම ධනවත් රටක් ,ශක්ති සම්පන්න රටක් ,ආර්ථික වශයෙන් බොහොම ශක්තිමත් රටක්. අපි විදේශ රටවලට ණය දුන්නා. හැත්තෑ ගණන් ගියාට පස්සේ දැන් මොකක්ද අද තත්වේ. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ආපසු හැරිලා බැලියයුතු කාලයක්. මට හුඟක්ම ලැජ්ජා හිතුනේ මම පසුගිය දාක පත්තරේ දැක්කා අමුමිරිස් කරලක් රුපියල් 15 ක මිලකට ගියා කියලා. මේ භුමියේ ඕනෑ දෙයක් හිටවන්න පුළුවන්.
මේකට ප්‍රධාන හේතුව ගසා කෑමයි. රුපියල් 200 ට 300 ට ගන්නා කැරට් කිලෝ එක කොළඹට එනකොට රුපියල් 2000 යි. වගා කරන කෙනාට වැඩිපුර සතයක් ලැබෙන්නේ නැහැ. වී ගොවියටත් ඒ වගේමයි. අසාධාරණ ලෙස ගසා කෑම් තිබෙනවා. මේවා නැවැත්විය යුතුයි. ගොවියා සන්තෝෂ වුනොත් අපිටත් සන්තෝෂ විය හැකියි. අද තියෙන්නේ ගසා කෑමක්. ඒ නිසා අපිට හුඟක් දේවල් කරන්න තියෙනවා ශ්‍රී ලාංකිකයන් වශයෙන්"
මතුගම බන්දු තඹවිට