ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු තමන්ට විදේශගතවීම සඳහා වීසා ගැනීමට අවශ්‍ය නොවන බවත් ලොව ඕනෑම රටක වසර දහයක් ජීවත්වීම සඳහා වීසා බලපත් තමන් සන්තකයේ තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඒ මහතා ඊයේ (11) ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා සිටියේ අනෙකුත් අමාත්‍යවරුන් එසේ වීසා ලබාගත්තේද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් එසේ රටෙන් පැනයාමට අමත්යවරුන්ට අවශ්‍ය නොවන බවත්ය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රටෙන් පිටවීම සඳහා අමාත්‍යවරුන් අසූ දෙනෙකු විදේශ රටවල වීසා ලබාගෙන ඇති බවට පලවෙන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අලස් මහතා ඒ බව අවධාරණය කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු එවැනි චෝදනාවක් සිදුකළද එය අසත්‍යයක් විය හැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා මැතිවරණ සමයේදී විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ සිදු කරන බවද පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවද අවධාරණය කළේය . මේ වන විට රට යම් ප්‍රමාණයකට ගොඩනැගී ඇති බවද පැවසූ අමාත්‍යවරයා රට සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට තවත් කාලය ලබාදිය යුතු බවද මෙය අත්හදා බැලීම් සිදුකිරීමට කාලයක් නොවන බවද පැවසීය.
මෙවර ජනාධිපතිවරණයෙන් පසු යුක්තිය මෙහෙයුම දෙගුණ තෙගුණ කර ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගන්නා බවත් එය සියයට සියයකින් නොහැකි වුවත් සියයට අනුවකින් පමණ හෝ අවසන් කරන බවද පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර හා වීසා ගැටලුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇති කළ දෙයක් බව අවධාරණය කළ අමාත්‍යවරයා වසර විසි දෙකක් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළේ එකම සමාගමක් බවත් අඩුම වශයෙන් ඒ සඳහා ටෙන්ඩර් කැඳවා හෝ නොතිබූ බවත් මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර මිලියන 11ක් මුද්‍රණය කොට තිබෙන බවද පැවසීය.
එම එක් විදේශ ගමන් බලපත්‍රයක් ඩොලර් 5.89 කට මෙවරත් එම සමාගම විසින් ලබාදීමට උත්සාහ කළත් එය නවතා ටෙන්ඩර් පටිපාටිය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.