කොරොනා වසංගතය ලෝකය පුරා පැතිරිමත් සමග බිඳ වැටෙමින් තිබු ජනතාවගේ අපේක්ෂාවන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ඉතාලියේ ජෙනොවා පළාතෙ කොරොනා රෝගය වැළඳුනු වයස අවුරුදු 102 කාන්තාවක් ඊයේ (29) සුවය ලබා රෝහළෙන් පිටව ගොස් තිබේ.
මේ කාන්තාවගේ සුවවීම බිඳ වැටෙමින් තිබු සියලු ලෝකවාසි ජනතාවගේ බලාපොරොත්තුවක් බවත් වයස මත හො ලෙඩ රෝග මත කිසිදු කොරොනා රෝගියෙකු ඉතාලි රෝහල් මගින් අත් නොහරින බවට හා රැකගන්නා බවට හොඳම සාක්ෂියක් බව ජෙනොවා ප්‍රදේශය අයත් ලිගුරියා පළාත් ආණ්ඩුකාර ජොවන්නි ටෝටි මහතා පවසා සිටියේය.
ලීනා මහත්මිය කොරොනාවෙන් බිඳ වැටුණු ලෝකයටම බලාපොරොත්තුවේ සංකේතයක් බවද ආණ්ඩුකාර ජොවන්නි ටෝටි මහතා පවසා සිටියේය.
මෙයට සති 3 කට පමණ පෙර අධික උණ හා ශ්වසන අපහසුතා පෙන්නුම් කල 102 හැවිරිදි ලීනා මහත්මියව ජෙනොවා සන් මර්තිනො රෝහල ඇතුල් කර තිබෙන අතර එහිදි කොරොනා රෝගය වැළඳි ඇති බවට තහවුරු වීමත් සමග ඇය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු ඉතා සැලකිල්ලෙන් කල බව ලීනා මහත්මියව භාරව කටයුතු කල වෛද්‍යවරිය වු වේරා සිබල්දි මහත්මිය පවසා සිටියාය.
මෙම ප්‍රතිකාර කටයුතු රෝහලට ඇතුල්වන සියලුම රෝගීන් වෙනුවෙන් සිදු කරන කටයුත්තක් බව සිබල්දි මහත්මිය පවසා සිටියාය.
ලීනා මහත්මියව ජෙනොවා ග්‍රොන්ඩෝනා ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට යවා ඇති බවත් ඇය සුවෙන් සිටින බව එම වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.
චන්දන ප්‍රනාන්දු