කොවිඩ්-19 වසංගතයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලොවපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හමුවේ ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් ඇති කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම වසංගතයේ නව ප්‍රභේදය හමුවේ යලිත් නව සංචරණ සීමා පැනවුවහොත් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවෙතැයි යන පුරෝකථන මේ සඳහා හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 59කින් අඩුවී ඇති අතර, එහි මිල දැක්වුණේ ඩොලර් 74.43ක් ලෙසනි. දත්තවලට අනුව මෙම සතිය තුළදී බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 1%කින් පහත වැටී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිවීමක් සම්බන්ධයෙන් පැවති කතාබහ සත්‍ය නොවන බවට ඉඟි කර ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, තම සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව පවසා තිබේ.