ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සහාය වශයෙන් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.
මෙම මුදල් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවිය. ලෝක බැංකුව සිය අනුමැතිය ඊයේ ලබාදී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම මුල්‍ය සහනය මෙය වේ.