මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 850ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව විසින් මේ වන විටත් සහාය පල කර තිබෙන අතර, මෙම මුදල් කිසි විටෙක පසුගිය වසරේ මෙන් සෞඛ්‍ය , පොහොර හා ගෑස් වැනි සේවාවන් වැය කලා මෙන්, ප්‍රති අරමුණ ගත කිරීමක් සිදු නොවන බවත් එය 2024 වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමට හැකි ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන බවත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30දා) අනුරාධපුර - තිරප්පනය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
"රටක ඇති වූ අර්බුදකාරී තත්ත්වය නැවත රට තුල ඇති නොවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර, වසරක වැනි කෙටි කාලයක් තුලදී ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලෝකයේ ප්‍රථම රටවල් තුන ඇතුළත ශ්‍රී ලංකාව සිටිනවා.
රටේ ජනතාවට නැවත ගොඩ නැගී ස්ථාවර ආර්ථික ක්‍රමයක් දක්වා ගමන් කිරීමට හැකි මාර්ගය මේ වන විට වත්මන් රජය විසින් නිර්මාණය කර තිබෙනවා.
විවිධ කණ්ඩායම් විවේචන පමණක් ඉදිරිපත් කරමින් සිටිනවා රජයේ මෙම වැඩ පිළිවෙල හැරෙන්නට ලෝකයේ අනෙකුත් රටවල් පිළි ගන්නා වෙන කිසිදු වැඩ පිළිවෙලක් වත්මන් රජයට හෝ මෙරටට සහාය දක්වන කිසිදු රටකට, එසේ විවේචන එල්ල කරන කණ්ඩායම් මගින් ලබාදී නැහැ.
අස්වැසුම ප්රතිලාභ මගින් පවුල් ලක්ෂ විස්සකට එම ප්රතිලාභ ලබා දීමට සැලසුම් කලත් මේ වන විට රජය මගින් එම ප්රතිලාභ ලබා දී ඇත්තේ පවුල් ලක්ෂ දොළහකට පමණයි. මේ සදහා සහාය ලබා නොදුන් ඇතැම් නිලධාරීන්ගේ සහ බිම් මට්ටමේ සහාය නිසියාකාරව ලැබෙන්නේ නම් ඉතිරි පවුල් ලක්ෂ අට සඳහා ද හෙට දිනයේ සිට හෝ ප්රතිලාභ ලබා දීමට හැකියාව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකගතාවයන් වලට එළඹීමට ඉදිරි සති කිහිපය තුලදී අපට හැකි වනවා . එමඟින් දෙවන වාරිකය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති වනවා. බදු එකතු කිරීමේ ජාලය පුළුල් නොවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩලයට එකඟතාවයට පැමිණීමට නොහැකිවීමට බලපෑ එක හේතුවක් වනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෘදුකාංගය අප්ඩේට් (යාවත්කාලීන) කර නව ක්‍රමවේදයක් අනුව බදු එකතු කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී සිදු කරනවා. ඒ තුළින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගන්නවාසේම ජනතාවට ලබා දෙන ප්රතිලාභ පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා ."