2024 වර්ෂයේ වාර්තා වී ඇති 9,180ක් වන සමස්ත ක්ෂය රෝගීන්ගෙන් පිරිමි රෝගීන් 5,219 ක් සහ ගැහැනු රෝගීන් 3,259 ක් වාර්තා වී ඇති අතර, ළමා ක්ෂය රෝගීන් (අවුරුදු 14 දක්වා) 228ක් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 14,000 ක් පමණ හඳුනා ගත යුතු බවයි. කෙසේ නමුත්, වසරකට හඳුනාගනු ලබන්නේ රෝගීන් 9,000 - 10,000 අතර ප්‍රමාණයක් වන අතර, ඒ අනුව දළ වශයෙන් 4,000 - 5,000ක් අතර හඳුනා නොගත් රෝගීන් සංඛ්‍යාවක් ප්‍රජාව තුළ සිටින බව නිරීක්ෂණය වී ඇත.
ගෝලීය වශයෙන් ගත් කල ලෝක ජනගහනයෙන් ¼කට වාර්ෂිකව ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය වන අතර, එයින් මිලියන 10ක් පමණ සක්‍රිය ක්ෂය රෝගයට ගොදුරු වේ. ක්ෂය රෝගය තවදුරටත් ලෝකයේ බැක්ටීරියාවක් මගින් ව්‍යාප්ත වන, වැඩි වශයෙන්ම මරණ සිදුවන රෝගයයි.
ලෝක ක්ෂය රෝග දිනය අදට (24 දා) යෙදී ඇති අතර, ‘ඔව්, අපට ක්ෂය රෝගය තුරන් කළ හැක. කැප වෙමු, ආයෝජනය කරමු, සේවා සපයමු’ මෙවර එහි තේමාව වේ. ඒ අනුව ක්ෂය රෝග පා ගමනක් සෞඛ්‍ය අංශය විසින් සංවිධානය කර ඇති අතර, එය කොළඹ දිස්ත්‍රික් ලය සායනයේදී අද (24 දා) පෙරවරු 08.30ට ආරම්භ කෙරෙන අතර, අනතුරුව එය ශ්‍රී ලංකා ජාතික රෝහල දක්වා ගමන් කිරීමට නියමිතය.