ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මැයි මස 28වන දින නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව ලෝක ආහාර මිල ගණන් සැලකිය යුතු ආකාරයකට පසුගිය කාලයේ සිට පහළ ගොස් ඇත.
එහිදී 2023 අප්‍රේල් මාසයේ ආහාර මිල දර්ශකය 128.07ක් ලෙස පැවති අතර 2024 අප්‍රේල් මාසය වන විට එය 119.1 දක්වා 8%කින් පහළ යාමක් පෙන්නුම් කරයි. මේ බව අනාවරණය වූයේ 2024-06-04 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කරන ලද විමසීමකදීය.
මෙම කාලපරිච්ඡේදය පුරා දිගින් දිගටම ආහාර මිල ගණන් පහළ යාමක් මේ තුළින් පෙන්නුම් කරයි. තවද මාංශ ආහාර මිල ගණන් මේ කාලය තුළ ස්ථාවර අගයක පවතින අතර, කිරි නිෂ්පාදනවල මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ යාමක් පෙන්නුම් කරයි. 2023 අප්‍රේල් මාසයේ කිරි නිෂ්පාදනවල මිල දර්ශකය 129.3ක් පැවති අතර,2024 අප්‍රේල් මාසය වන විට එය 123.7ක් දක්වා පහළ යාමක් පෙන්නුම් කරයි.
ධාන්‍ය මිල ගණන්වලට අදාළ මිල දර්ශකය 2023 අප්‍රේල් මාසය වන විට 136.1 පැවති අතර,2024 අප්‍රේල් මස වන විට එය 111.1 දක්වා 23%කින් පමණ පහළ ගොස් ඇත. මෙම දර්ශකයේ එළවළු තෙල්වලට (vegetable oil)අදාළ දර්ශකයේ වැඩි උච්චාවචනයක් පැවති ඇති අතර, එය ක්‍රමයෙන් පහළ ගොස් නැවත 2024 ජනවාරි මාසයේ සිට ඉහළ යාමක් පෙන්නුම් කරයි.
2023 අප්‍රේල් වන විට එම දර්ශකයේ අගය 130කි.2023 ජුනි මස වන විට එය 116 දක්වා පහළ යන අතර,2024 අප්‍රේල් වන විට එය 131 දක්වා නැවත ඉහළ යාමක් පෙන්නුම් කරයි.සීනිවල මිල දර්ශකය 2023 අප්‍රේල් මාසයේදී 149.4 සිට 127.5 දක්වා පහළ යාමක් පෙන්නුම් කරයි.