අංක තහඩු නොමැති වාහනයක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි.
සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි.
ඔවුන් දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබේ. ඊට අමතරව ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.