වැලිගම - දෙනිපිටිය අතුරු මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා ක්රියාත්මක වෙමින් තිබියදි කුඩා ලොරි රථයක් දුම්රිය අතුරු මාර්ගයකින් ධාවනය කිරිමට කටයුතු කිරිමේදි මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයන් හත් දෙනෙක් බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ලොරියේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකි. තවත් කාන්තාවන් දෙදෙනෙක් හා ළමුන් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබේ.
මිය ගිය පුද්ගලයන් මාතර තෙලිජ්ජවිල පදිංචිකරුවන් වෙයි. ඊයේ සවස මෙම අනතුර සිදුව තිබේ.