ලොකු ලූණු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා තිබූ අපනයන තහනම ශ්රී ලංකාව වෙත පමණක් ඉවත් කිරිමට ඉන්දියාව තීරණය කර තිබේ.
මේ අනුව ඉන්දීය ලොකු ලූනු මෙට්රික් ටොන් 10000ක් දක්වා ආනයනය කිරීමට ශ්රී ලංකාවට අවස්ථාව ලැබී තිබේ.
ඉන්දියාව ලොකු ලූණු අපනයනය තහනම් කිරීමත් සමග මෙරට වෙළඳපොළ තුළ ලොකු ලූණු හිඟයක් නිර්මාණය වී තිබෙන අතර ඒ හේතුවෙන් ලොකු ලූණු මිලද ඉහළ ගොස් තිබේ.
ඉන්දියාව ශ්රී ලංකාව වෙත මෙම අපනයන තහනම ඉවත් කිරීමත් සමගම ලංකාවේ ලොකු ලූණු මිල පහළ මට්ටමකට පැමිණීමට ඉඩකඩ තිබේ.