දීර්ඝ සති අන්තය තුළ හැකිතාක් නිවසට වී සිටින ලෙස හුදෙකලා කරන්නේ කොවිඩ් ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවූ විට බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා.
ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”