මැදපෙරදිග ලෙබනන - ඊශ්‍රායල යුද්ධය නිසා අසරණ වූ ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු 12/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
කුඩා ළමයින් 05 දෙනෙකු , කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පිරිසට අයත් වී තිබුණි.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සදහා සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ), ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණි.
මේ ආකාරයට ඉකුත් 11/06, 11/12 , 11/28 , 12/01 දින දින ද ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණි .
ඒ අනුව මේ වනවිට ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු මේ අකාරට රැගෙන විත් තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් 27 දෙනා 12/04 දින රාත්‍රී 11.30 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .