සීමාසහිත ජාතික ලුණු සංස්ථාව විසින් චක්රාලේඛන විධි විධානවලට පටහැණිව එම සමාගමේ සේවය කරන නිලධාරීන් 111දෙනෙකු සඳහා 2023 ජනවාරි 01වන දින සිට එම වර්ෂයේ ජූලි මස 30දක්වා කාලසීමාව තුළදී දෛනිකව අර්බුද දීමනාව වශයෙන් රුපියල් එක්කෝටි තිස්දෙදහස් අනූඅටක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි 04වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.
ලුණු සාමාගම විසින් 2022 වර්ෂයේ ජූලි මස 01වන දින සිට 2022දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ සියලුම නිලධාරීන් සඳහා රුපියල් පන්දාහක දීමනාවක් ගෙවා තිබුණි.
එම දීමනාව නවතා ඉකුත් වර්ෂයේ මුළු මාස 06 දක්වා නිලධාරීන්ගේ තනතුරු මත රුපියල් පන්සියය සහ රුපියල් අටසියපනහ අතර දෛනිකව අර්බුද දීමනාවක් වශයෙන් මෙකී මුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇත. චක්රනලේඛ ප්රවකාරව දීමනා ගෙවීම් කටයුතු කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කර ඇත.