ඖෂධ නියාමන අධිකාරිය වෙත ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කෙරෙන ඖෂධ පහකින් එකක ගුණත්වය පිළිබඳව අවධානමක් පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙරට භාවිතය සඳහා ලියාපදිංචියට ඉදිරිපත් කෙරෙන සියලු ඖෂධ එම අධිකාරිය මගින් ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය වෙත ඉදිරිපත් කර ගුණත්වය පිළිබඳව වාර්තාවක් ලබාගත යුතුවීම ඖෂධ නියාමන අධිකාරි පනතේ අනිවාර්ය අවශ්‍යතාවකි.
නමුත් 2022 ජනවාරි සිට 2023 සැප්තැම්බර් 30 දක්වා ලියාපදිංචියට ඉදිරිපත් කළ ඖෂධ 1730 කින් 1646 ක්ම එනම් සියයට 95 ක් එලෙස ගුණත්ව පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට අධිකාරිය පියවර ගෙන නොතිබූ බව විගණනයේදී අනාවරණය වී තිබේ.
පරීක්ෂණ සඳහා ඉදිරිපත් කර තිබූ සාම්පල 76 කින් 16 ක් තත්ත්වයෙන් අසමත් වී තිබූ බවත් ඒ අනුව ලියාපදිංචියට ඉදිරිපත් කරන ඖෂධ පහෙන් එකක් ගුණත්වයෙන් අසමත් බවට නිගමනය වන විටත් එම ඖෂධ ප්‍රමාණයක් රෝගීන්ට භාවිතය සඳහා ලබාදී ඇති බවත් නිරීක්ෂණය වී ඇතැයි වෛද්‍ය සැපයුම් අංශය ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය නොබෝදා නිකුත් කළ විශේෂ විගණන වාර්ථාව මගින් අනාවරණය කර තිබේ.
ජේ.ඉඳුරුවගේ