පෑන් නිෂ්පාදකයන් වසරකට මෙරට වෙළඳපලට පෑන් කොටි 12ක් එක් කරන බවත් එහි අන්තර්ගත ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 80ක් බව ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ණ කාරක සභාවේදී , පසුගිය දිනක අනාවරණය කර තිබෙනවා.
පෑන් නිශ්පාදන ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ඒ්පිළිබඳ කරුණු රැසක් අනාවරණය කොට තිබෙනවා. මෙරට නිශ්පාදනය කරනුලබන පෑන් වලට යොදා ගන්නා අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනුලබන ආයතන ලංකාවේ නෙමැති බවත් ඔවුන් පවසා සිටිනවා. එසේම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්ත වලට හා පෑන් තුඩ සඳහා වැය වන බැවීන් පෑන් බටය නැවත භාවිතයට සැලැස්වීමේ ක්‍රමයක් ඇති කලද පෑන්වල මිල සැලකිය යුතු මට්ටමකින් අඩුකල නොහැකි බවද ඔවුන් පෙන්වා දුන්නා.
ඉන්දුමූර්ති ජයසූරිය