2015 ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ලිත් බෙදා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.
කොළඹ මහාධිකරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා මෙසේ එම චෝදනාවලින් නිදහස් කරනු ලැබීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_266db8e11a.jpg)