ලිට්රෝ ගෑස් සමාගමේ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කළ තෙෂාර ජයසිංහ මහතා පැය කිහිපයකට පසුව යළිත් එම තනතුරේ පිහිටුවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති කටයුතු කරමින් සිටි තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර තිබුණි.
ඔහු වෙනුවට එම තනතුර සඳහා රේණුක පෙරේරා පත්කිරීමටත් කටයුතු කෙරිණි. කෙසේ වෙතත් අද දිනයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පවතින ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණය කිරිමටත් කටයුතු කෙරිණි.
ඉන් අනතුරුව ජනපතිවරයා විසින් සඳහන් කර ඇත්තේ ලි ට්රෝ සභාපති යළිත් තෙෂාර ජයසිංහ මහතා පත්කරන ලෙසයි.