කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,005කින් අද මධ්‍යම රාත්‍රියේ අඩුවන බව ලිට්රෝ ලංකා සමාගම පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රුපියල් 3,728 කි. මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 402 කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 1502 කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 183කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 700කි.
ගෑස් මිල සූත්‍රයට නව එකතු කළ විශේෂාංග අනුව මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA), ජනාධිපති ලේකම් කාර්යාලය සහ LITRO Lanka Ltd යන ආයතනවල සාමූහික ප්රයත්නයන් අනුව මෙම මිල සංශෝධනය සිදු විය.