මේ මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසයි. ඒ අනුව දැනට පවතින මිල තව දුරටත් පවතින බවද සමාගම පවසයි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම මත ගෑස් මිල සූත්රය අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ඩොලරයේ අගය පහත බැසීමේ වාසිය ජනතාවට දෙමින් ගෑස් මිල ඉහළ නොදැමීමට සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 4,743 කටද, කිලෝග්රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,904 කටද, කිලෝග්රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 883 කටද අලෙවි කරයි.