ලිට්රෝ ගෑස් මිල යළිත් වතාවත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල සංශෝධනය කිරීමට නියමිතය.
ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලේ පසුගිය වසරේදී හඳුන්වාදුන් මිල සූත්‍රය අනුව මෙසේ ගෑස් මිල පහළ දැමීමට කටයුතු කරන බවයි.
මේ අනුව සියලුම ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට කටයුතු කරන බවත් මේ වල විට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිලියන 5ක් වෙළඳපොළට මුදා හැර ඇති බවද ඔහු පැවැසීය.
අද වන විට සියයට 95ක නියෝජිත පිරිස් ළඟ ගෑස් සිලින්ඩර ඇති බවත් ඉදිරියේදී හෝම් ඩිලිවරි ඇප් එක සක්‍රීය කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පැවැසීය.