අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සිදුවන ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලි ට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින්, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ යනු ඇත.
මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,610ක්, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,850ක්, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 860 දක්වා ඉහළ යනු ඇත.