වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත හා යාබද ඉඩමක තිබු උපකරණ රැසක් වාහන වලින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අත් අඩංගුවට ගෙන තිබුනී.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම නගරයේ පදිංචිව සිටි පිරිසක් බව පැවසේ.
මොවුන් අද හා ඊයේ රාත්‍රියේ ලැක්ටෝ වත්ත ඉඩමට අයත් ලැක්ටෝ ෆාම් නැමති කුකුළු ගොවිපළක තිබු උපකරණ රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසින් පොලිස් 119 අංකයට දැනුම් දිමෙන් පසුව වනාතවිල්ලුව පොලීසිය විසින් අදාළ සැකකරුවන් , කැබ් රථය ,හා යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබුනී.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත ඉඩම මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණේ පසුගිය 2019 වසරේ ජනවාරි මාසයේ දී අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනිමේ සිද්ධියත් සමඟය .
එම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන ඇප මත සිටි සැකකරුවන් දෙදෙනෙකුද ලැක්ටෝ ෆාම් නැමති ස්ථානයේ උපකරණ රැගෙන යාමට පැමිණ සිටි හය දෙනා අතර සිටි බව කියයි.
අදාළ බෝම්බ සිද්ධියට සම්බන්ධ ඉඩම අක්කර 80කින් සමන්විත අතර මෙම ලැක්ටෝ ෆාම් නැමති කුකුළු ගොවිපළ පවත්වාගෙන ගොස් තිබුණේද එම ඉඩමේ කොටසක බව කියයි.
කෙසේ නමුත් අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමත් සමග එහි පරික්ෂණ අවසන් වන තුරු පොලිස් ආරක්ෂාව යෙදවිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වනාතවිල්ලුව පොලීසියට උපදෙස් පවා ලබා දි තිබු බව පැවසේ .
අදාළ විමර්ශන වලින් පසුව පොලිස් ආරක්ෂාව අදාළ ඉඩමේන් ඉවත් කිරිමෙන් එහි හිමිකාරිත්වය ඇති පිරිස් පොල් කැඩිම පවා සිදු කර තිබුනී.
24 දින අදාළ හිමිකාරිත්වය ඇති පිරිස් මෙසේ ලැක්ටෝ වත්ත හා ලැක්ටෝ ෆාම් නැමති අනෙක් ඉඩමේ තිබු දෑ රැගෙන රාත්‍රියේ ගමන් කිරිම ගැන සැක සිතුන ගම්වාසිහු මෙසේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුම් ලබා දි තිබු බව කියයි .
කෙසේ වෙතත් මේ වන විට අදාළ සැකකරුවන් වනාතවිල්ලුව පොලීසිය භාරයේ රඳවා ගෙන ඇති අතර පුත්තලම අධිකරණයට අදාළ පිරිස් ඉදිරිපත් කිරිමට කටයුතු කරන වනාතවිල්ලුව පොලීසියේ නිලධාරියකු පැවසිය.
ප්‍රදේශයේ ජනතාව වනාතවිල්ලුව පොලීසියට චෝදනා කරන්නේ මෙම සිද්ධිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගන්නා තුරුත් කිසිම තොරතුරක් සොයා ගැනිමට කටයුතු නොකළ බවත් ඉන්පසුව මේ වන විටද මේ ඉඩම පිළිබඳව නිසි සෝදිසියක් පවා සිදු නොකරන බවය .
