ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණි. නොයෙල් ප්‍රියන්ත මහතා රූපවාහිනී වැඩසටහනේදී පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර පාර්ලිමේන්තුවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල විය. ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්රකාශකවරයාගේ ප්‍රකාශය ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.
කසුන් රණසිංහ