චීන ජාතික කාන්තාවක් අවුරුදු තුනක් වයස දියණිය කටුනායක ගුවන් තොටුපොළේ දී පෙරේදා 11දා රාත්රියේ ලාංකික කාන්තාවකට වඩා ගැනීමට යැයි පවසා චීන ජාතික කාන්තාව අතුරුදන් වී ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. දරුවා වඩා ගැනීමට බාරදුන් චීන ජාතික කාන්තාව යළි නොපැමිණි නිසා ශ්රී ලාංකික කාන්තාව එම දරුවා ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට පැමිණ දරුවා පොලිසියට බාර දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කුරුණෑගල, පොතුහැර ප්රදේශයේ පදිංචි තැනැත්තියක වන ශ්රී ලාංකික කාන්තාව චීනයට ගොස් ගෘහ සේවයේ යෙදෙමින් මෙම දරුවා වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව යළි මෙරටට පැමිණ සිටිය දී සිඟිත්තියගේ චීන ජාතික මව ඇගේ නිවසේ ගෘහ සේවයේ යෙදුණු කාන්තාවට කතාකර දියණිය සහ මව සමග මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බව දැනුම් දී ඇත. ඒ නිසා කැඳවාගෙන යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස කල් තියා කර තිබූ දැනුම් දීමක් අනුව ලාංකික කාන්තාව ගුවන් තොටු පොළට ගොස් ඔවුන් පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිට ඇත.
පැය කිහිපයක් බලා සිටියත් දෙදෙනාම නොපැමිණි නිසා ශ්රී ලාංකික කාන්තාව දරුවා ද කරපින්නා ගෙන පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. තම දරුවා භාර දී පලා ගිය එම දරුවාගේ චීන ජාතික මව සහ ඇය රටින් ගොස් නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ගුවන්තොටුපොළේ බලධාරීන් දැනුවත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ශ්රී ලාංකික කාන්තාව මෙම චීන ජාතික සිඟිති දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්තකින් පසු වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.