ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදීමට වැඩසටහනක් සකස් කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසිය
අද (27දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ලංකාවේ පාසල් සිසුවියන් ලක්ෂ 12කට පමණ සනීපාරක්ෂක තුවා ලබාදිමට අවශ්‍ය බවත් නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම සිසුවියන් ලක්ෂ 3කට සනීපාරක්ෂක තුවා ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
මෙය සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ග්‍රාමීය ප්‍ර දේශවලට මෙහිදී ප්‍රමුඛතාව ලබා දෙන බවත් රජයේ අරමුදල් ලබා ගැනීමට හැකියාවක් තිබුණොත් එම වැඩසටහන සියලුම සිසුවියන් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇතැයිද ඔහු පැවැසීය.