සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහ භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට ගෙවීමට රජය තීරණය කරයි.
ඒ අනුව මෙම අත්තිකාරම් මුදල ලබාදීම 2025 ජනවාරි පළමුදා ආරම්භ කර පෙබරවාරි 28 න් අවසන් කර එම වසර තුළදීම ආපසු අයකර අවසන් කළ යුතු බවද, මෙම අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
සියලුම ස්ථිර තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම අත්තිකාරම් ගෙවීම් දිනට පෙර තුන් මසකට නොඅඩු අඛණ්ඩ සේවා කාලයක් සහිත අවම වශයෙන් 2025 දෙසැම්බර් අවසානය දක්වා අඛණ්ඩ සේවයේ යෙදවීමට නිශ්චිත ලෙස අවකාශ සහිත තාවකාලික හෝ අනියම් සේවා නිලධාරීන්ට මෙම විශේෂ අත්තිකාරම හිමිවේ.
මීට පෙර වර්ෂවලදී ලබාගත් විශේෂ අත්තිකාරම් ආපසු ගෙවීම පැහැර හැර ඇති නිලධාරීන්ට මෙම අත්තිකාරම හිමි නොවේ.
ජේ.ඉඳුරුවගේ