හිටපු රාජ්‍ය ඇමතිවරයකු වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය 16 දින දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මෙම සමගි ජන බලවේගයේ රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී ඔහු ද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසාවෙන් ඊට උරන වූ ඇය ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව යන තුරු තමන් වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිටියාය.
ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනුු දැකගැනීමට හැකි විය. පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබිණිි. ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී සිටිනු දැකගැනීමට හැකි විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවය . එහෙත් එක හරක් පැටියෙක් ලගට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන්නැයි ඉල්ලා සිටියාය.
පසුවේදිකාවෙන් බැස පිටව යන අවස්ථාවේදී ලක්ෂමන් වසන්ත පෙරේරා නිසා වේදිකාව වර්ජනය කළේ දැයි මාධ්‍යවේදීන් රෝහිනී විජේරත්න මහත්මියගෙන් විමසීමේදී ඇය කියා සිටියේ එසේ සිදු කරන්නට වූයේ සුදුසු නැති පුද්ගලයන් සමග එකට සිටීම සුදුසු නැති නිසා බවය ,බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ නුසුදුසු පුද්ගලයන් සමඟ වාසය නොකරන ලෙසය ඒ අනුව තමන් ද එසේ කළ බව ඇය සඳහන් කළාය.