ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්රික් නායක ලෙස හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට එම පක්ෂයේ මාතර දිස්ත්රික් විධායක සභාව අද (02දා) ඒකමතිකව තීරණය කළේය.
එම පක්ෂයේ හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නිපුණ රණවක මහතා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළේය.
මාතර දිස්ත්රික් නායකත්වයට අමතරව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්රික් බල මණ්ඩලයේ සභාපතිධුරයටද අබේවර්ධන මහතා පත් කෙරිණි. එම මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිපුණ රණවක මහතා පත්විය.
පසුගිය මහමැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කර සිටින තමන් නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි නව තනතුර භාර ගත් බවත් ඉදිරියේදී පක්ෂයේ ජයග්රහණය වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බව අබේවර්ධන මහතා පැවැසීය.
පසුගිය ජනපතිවරණ කාලයේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවී ක්රියාකළ අතර ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතා ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරග කළේය.
මාතර ක්රිෂාන් ජීවක ජයරුක්