රුපියල් ලක්ෂ අනූවක් ( රුපියල් මිලියන 09 ක් ) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/15 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම පාර්සල් කැනඩාව , එංගලන්තය සහ නෙදර්ලන්තය යන රටවල සිට දෙහිවල , වැල්ලවත්ත , වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.
මෙසේ විවෘත කළ පාර්සල් තුළ තිබී මෙතැම්පටමයින් පෙති 150 ක්, " කුෂ් " නැමැති ගංජා ග්‍රෑම් 466 ක් සහ කොකේන් ග්‍රෑම් 10 ක් ද තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.