රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු ද සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 08/26 දින අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් මගීන් දෙදෙනා කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක සහ 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි . මොවුන් දෙදෙනා ඥාතීත්වයෙන් අක්කා සහ මල්ලී වන අතර ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත විදේශයන් වෙත ගොස් භාණ්ඩ ගෙනැවිත් දීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්නන් වේ.
මොවුන් දෙදෙනා 08/26 දින උදෑසන 06.51 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් ව්‍යාපාරිකයන් සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ වෙන් කර ඇති "රක්ත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ මෝටර් රථ අමතර කොටස් , චන්ද්‍රිකා රූපවාහිනී උපාංග ( Satalight Television ) , වැට් - 69 විස්කි බෝතල් 18 ක් , ස්කොෂ් ලීඩර් විස්කි බෝතල් 29 ක් , නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් , එසී බ්ලැක් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි තොගයක් ,
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව රැගෙන විත් තිබූ සැත්කම් පිහි 1,100 ක් , ඉන්දීය කෝපි පැකට් 2,220 ක් , රාත්‍රී ආලේපන ( Night Cream ) පෙට්ටි 100 ක් ද තිබී සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
මොවුන් දෙදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ භාණ්ඩ තොගය, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.