තීරු බදු නොගෙවා, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක් ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී 10/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය හලාවත බිංගිරිය ප්‍රදේශයේ පදිංචි ඩුබායි හි ගෘහ සේවයේ නිරත වී පැමිණෙමින් සිටි 40 හැවිරිදි කාන්තාවකි. ඇය 10/13 දින පස්වරු 05.15 ට පමණ ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් තුළ " මැන්චෙස්ටර් " වර්ගයේ සහ " ප්ලැටිනම් " වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 25,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 125 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට මෙම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 10/16 දින , මෙම කාන්තාව විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .