රුපියල් ලක්ෂ තිස් තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු ද සමග 09/04 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මීගමුව , කොච්චිකඩේ , පල්ලන්සේන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි .
ඔහු 09/04 දින අලුයම 03.25 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ " මැන්චෙස්ටර් '' වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 110 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම පුද්ගලයාට පොලිස් ඇප ලබා දී පිටත් කර යවා ඇති අතර , මොහු එළඹෙන 09/11 දින නීතිවිරෝධී ආනයනය , සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ , ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගය ද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .