ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිම සේවකයෙක් වෙනුවෙන් 2023 වසරට අදාළව ප්‍රසාද දීමනා, වෙනත් දිරි දීමනා හෝ වැඩිපු වර්ධක ලබා නොදීමට විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ආයතනයේ පරිපාලනයට ලිපියක් මගින් දන්වා තිබේ.
ලංවිම මෙහෙයුම් පිරිවැය අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන අතර ඒ අනුව ලංවිම සේවකයන්ට 2015 වසරේ සිට වසර තුනකට වරක් සිදුකරන වැටුප් වර්ධකද මේ වසරේදී අත්හිටුවා තිබේ.
එසේම ලංවිම සේවකයන් වෙනුවෙන් මේ වසරේදී මේ දක්වා ගෙවා ඇති විවිධ දීමනා සම්බන්ධයෙන් වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසත් ඔවුන්ට ලබා දී ඇති වාහන ඒ සඳහා ගෙවන කුලී ගෙවිම් සම්බන්ධයෙන්ද වාර්තාවක් අමාත්‍යවරයා ලංවිම ඉහළ පරිපාලනයෙන් ඉල්ලා සිටියි.