විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය වල පොලී ගාස්තු වලින් තුනෙන් දෙකක් විදුලි බල මණ්ඩලය ගෙවමින් ඇති බවත් එම මුදල් අයවන්නේ මහජනතාවගේ විදුලි බිලෙන් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බදවාගැනීම සම්බන්ධයෙන් තමන් ලබා ගත තොරතුරු අනුව මෙම දත්ත වාර්තා කර ඇති බවද ඔහු පවසයි.
විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අංශය මුකරන ලද තොරතුරු අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම් වල ප්‍රමාණය රුපියල් බිලියන 12ක් පමණ වන අතර ඒ සදහා වන පොලියෙන් 2/3ක් විදුලිබල මණ්ඩල විසින්ම ගෙවීම සිදුකරන බවද ඔහු පවසයි.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් වල පොලී ගෙවාදැමීම සදහා වන මුදල් මහජනතාවගේ විදුලි බිලෙන් අයකරගැනීම නවතාදමා, ණය හිමියන්ගෙන් ඒවා අයකරගැනීමට ක්‍රමවේදයක් සකස්කරන ලෙස විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයට තමන් උපදෙස් දුන් බවද ඔහු පවසයි.
එමෙන්ම කාර්යක්ෂමතාවය වැඩිකරගනිමින් වියදම් අඩු කිරීම සදහා බාහිර පාර්ශව වෙත ලබාදීමට හැකි සේවාවන් සම්බන්ධයෙන් ද වාර්තාවක් සපයන ලෙස උපදෙස් දුන් බවද ඔහු පවසයි.