විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ත සේවක මණ්ඩලය ආවරණය වන අයුරින් පවත්වන ලද මාර්ග ගත වැඩසටහනකදී මෙම කරුණු අණාවරණය වියි.
සම්පූර්ණයෙන් රජයට අයත් ස්වාධීන පද්ධති ක්රියාකාරීත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරු මාදිලියක් තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීනවන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශවකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කරමින්, ඉදිරි වසර පහ තුළ මේ කලාපයේ අඩුම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව මෙහිදී ලංවිම ඉහළ කළමනාකාරිත්වය දැනුම් දුන්නේය.