අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අවශ්‍යනම් එම සාකච්ඡා සඳහා තමන්ද ඒක්වෙන බව තමා විසින් ලංවිම සභාපතිවරයට දැන්වූ බවද ඔහු පැවැසීය.
ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට අවශ්‍ය නම් ඒ් සඳහ ගෙවිම් ඩොලර්වලින් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
එසේම මේ වන විටත් ලංවිමට ඇත්තේ දින තුනක අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පමණි.
දැනට අක්‍රියව ඇති නොරොච්චෝලේ බලාගාරය යළි සක්‍රීය තත්ත්වයට ගෙන ඒ්මට ලබන 22 දා තෙක් කල්ගතවනු ඇතැයිද වාර්තා වෙයි.