ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් කර නොතිබූ ඉන්ජිනේරු දීමනා , දිරි දීමනා, තාවකාලික දීමනා, සුදුසුකම් පදනම් කර ගත් දීමනා, ඇතුළු දීමනා සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා රුපියල් මිලියන 417.65ක මුදලක් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අප්‍රේල් මස 12 වැනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
වී.එච්.සහ එස්. දිරි දීමනාව කාර්ය මණ්ඩල සම්ප්‍රේක්ෂණ සහ ජනන සැලසුම, පද්ධති පාලන, දෙමළ භාෂා වෙනත් දීමනා මණ්ඩලයේ අදාළ සේවකයන් සඳහා ගෙවා තිබූ බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ ජූලි මස 01 වන දා සිට (එම මාසය සඳහා පමණක්) වෘත්තීය දීමනාවට හිමිකම් කියන නිලධාරීන් 487 දෙනෙකුට රඳවා ගැනීමේ දීමනාව වශයෙන් රුපියල් මිලියන 11.99 ක මුදලක් ගෙවා තිබේ.
නිලධාරීන් 136 දෙනෙකු සඳහා දීමනා වශයෙන් 2022 වර්ෂයේ ජූලි මාසය සඳහා එම නිලධාරීන්ගේ වැටුපෙන් 65% ක් ඉක්මවා රුපියල් මිලියන 3.65 ක මුදලක් ගෙවා තිබුණි. අමාත්‍ය මණ්ඩලයේ තීරණයට පටහැණිව 2008 අප්‍රේල් මස 01 වන දිනෙන් පසුව බඳවා ගනු ලබන සේවකයන් සඳහා කාර්ය සාධක පදනම් කරගත් දිරි දීමනා ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවට අනුමත දීමනා 25 ක් ගෙවනු ලබන බවද එම විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත. ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ 2022 වර්ෂයේ ජූලි මස 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය මණ්ඩල දීමනා වැටුපෙන් 65෴ කට සීමා කිරීමට විදුලි බල මණ්ඩලය විසින් තීන්දු කොට එයට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කොට ඇති බව ය.
චන්දන සමරවික්‍රම