ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (23) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජෙයෂ්ඨත්වය නොසලකා අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා කළ පත් කිරීම නීතීවිරෝධී බව සඳහන් කරමින් විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවරයකු ඇතු`ථ තිදෙනෙකු ගොනු කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ ධූරයට වෙනත් අයකු පත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.
පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියම කරමින් වගඋත්තරකරුවන්ට නොසීසි නිකුත් කළේය.අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහීර් මහතා හමුවේ පෙත්සම සලකා බැලීණි.
ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු තිදෙනෙකු ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපතිවරයා එහි අධ්යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරු තිස්දෙනෙකු පමණ සිටියදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කිරීමට ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ජයරත්න මහතා පත් කිරීම සාමාන්‍යාධිකාරී පත් කිරීම් සම්බන්ධයෙන් වන චක්‍රලේඛයට මෙන්ම රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් වන චක්‍රලේඛයට පටහැනි බවද පවසති.
පෙත්සම්කරුවන් වෙනවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම තත්වයන් තුළ විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කිරීම සඳහා ඉන්ජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයිද අතිරේක සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩ ආවරණය කිරීමට ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයිද ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලමෙන් අනතුරුව පෙත්සම් විභාගයට දින නියම කළ අධිකරණය අදාළ නියෙයා්ග නිකුත් කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්ච මහතාගේ උපදෙස් මත නීතිඥවරුන් වන හිරන්්ය දමුනුපොළ, රිද්මි බෙනරගම, ඉල්හාම් හසන්අලි යන නීතිඥවරු සමඟ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ ශාන්ත ජයවර්ධන මහත්වරුන් පෙනී සිටියහ.
ලංකා විදුලි බළ මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ චන්දක ජයසුන්දර මහත්වරු පෙනී සිටියහ.