ඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.
මෙම ඉන්දීය ජාතිකයන් පිරිස ශ්රී ලංකාවේ රැකියා සඳහා පැමිණ සිටි කම්කරුවන් සහ මෙරට සංචාරක කටයුතු සඳහා පැමිණ සිටි අය බැව් ඉන්දීය ගුවන් සේවයේ ප්රකාශකයෙකු පැවසීය.
මෙම ගුවන් යානයේ වූ ගුවන් මගීන් 243 දෙනා අතුරින් , මුලින්ම 124 දෙනෙකු ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළෙන් බැස යෑමට නියමිතය.
ඉන් පසු එම ගුවන් යානය ලක්නව් ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා අතර, එහිදී එම ගුවන් යානයේ වී ගුවන් මගීන් 51 දෙනෙකු බැස යෑමට නියමිත අතර, ඉතිරි ගුවන් මගීන් 68 දෙනා බුද්ධගයා ගුවන් තොටුපළ වෙත රැගෙන ගමන් ගැනීමට නියමිතය.
මෙම ගුවන් යානය අද උදෑසන ගුවන් මගීන් 230 ක් රැගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.