මෙරට තුළ වර්ෂයකට ගැබ්ගෙල පිළිකා රෝගීන් 800 – 1000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත්, ඒ අනුව එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත් (HPV) මාත්‍රා දෙක ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම එන්නත් මාත්‍රා 02, මෙරට සෑම පාසලකම වයස අවුරුදු 10 සම්පූර්ණ කරන ලද 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැනු දරුවන් සඳහා ලබා දෙන අතර, පළමු මාත්‍රාව ලබාගෙන මාස 6ක් සම්පූර්ණ වූ පසු දෙවැනි මාත්‍රාව ලබා ගත යුතු වේ.
ඒ අනුව පාසල් වෛද්‍ය සායනයේදී ලබා ගැනීමට නොහැකි වූ දරුවන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත් සායනය මගින් මෙය ලබා ගත හැකිය.
එසේම මෙම එන්නත් දෙකම දරුවාට ලබා දීම සඳහා මවුපියන්ගේ අකමැත්තක් නොමැති බව පාසල භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දිය හැකි අතර, එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියද පවතී.
මේ අතර මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා,
“ගැබ්ගෙල පිළිකාව ඇති කිරීමට හේතු වන වෛරසය පවතිනුයේ පිරිමි පුද්ගලයන්ගේ ශිෂ්ණය මතයි. නමුත් කාන්තාවක් පිරිමි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙක් සමග ලිංගික සංසර්ගයේ යෙදුණ විටදී මෙම හියුමන් පැපිලෝමා වෛරසය කාන්තාවන්ගේ යෝනි මාර්ග තුළට ඇතුළු වී, එය ගුණනය වීම සිදු වෙනවා.
ගැබ්ගෙල පිළිකා අවදානමක් තියෙනවාද යන බව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකම පවත්වනු ලබන සුවනාරී සායනයෙන් වයස අවුරුදු 35 වූ විගසම සෑම කාන්තාවක්ම පැප් පරීක්ෂා නමැති ගැබ්ගෙල පිළිකා පූර්ව පරීක්ෂාව සිදුකර ගත හැකියි.
ඒ අනුව මෙයට විසඳුමක් ලෙස පිරිමි පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධයක් පැවැත්වීමට ප්‍රථමව මෙම HPV එන්නත ලබාදීම මගින් ගැබ්ගෙල පිළිකා රෝගය වළක්වාගත හැකියි. මෙම එන්නත් දෙක නිසි ආකාරයට පුරුෂයෙකු සමග ලිංගිකව එක්වීමට මාස 06 කට පෙර ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකියි. 2017 වර්ෂයේ සිට පාසල් එන්නත්කරණ වැඩසටහනේදී ගැහැනු දරුවන් සඳහා ලබා දෙනවා. සැලකිය යුතු අතුරු ආබාධ මෙම එන්නතෙහි නෑ” යනුවෙන් පැවසීය.