ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ ස්ට්‍රොබෙරි පැළ සිටුවීමේ කටයුතු මේ වනවිට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි.
නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් මෙම ආදර්ශ ස්ට්‍රොබෙරි ගම්මානය ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
රුපියල් මිලියන 20ක වියදමින් ගොවීන් 50කු යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කොට ඇත.
මෙම ස්ට්‍රොබෙරි වගාව සඳහා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයන කරන ලද ස්ට්‍රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් බවත්, ඒ අනුව ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට සම්පුර්ණයෙන් අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල්. අබේරත්න මහතා පැවැසීය.
ශාන් හුලංනුගේ