ලංකාවේ පළමු ශිල්පීය තේ කර්මාන්ත ශාලාව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා පරිශ්රයේදීම ආරම්භ කෙරිණ.
පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත සමූහයේ විධායක අධ්යක්ෂ අනුර තිලක් අතුකෝරළ මහතාගේ අදහසකට අනුව මේ නවමු තේ කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.
ඇමෙරිකාව, එංගලන්තය, රුසියාව ඇතුලු සුපිරි රටවල්වලට අවැසි ගුණාත්මක භාවයෙන් ඉහළ තේ අපනයනය සඳහා මේ නව කර්මාන්ත ශාලාව ආරම්භ කළ බව අනුර තිලක් අතුකෝරළ මහතා පැවසීය.
නව කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කෙරෙන තේ සෘජුවම විදෙස් වෙළද පොලේ සුපිරි රටවල්වලටම පමණක් අපනයනය කරන බවත් ඒ තුළින් ලංකාවට විශාල ඩොලර් ප්රමාණයක් අද්දවා ගත හැකි බවත් අතුකෝරළ මහතා කීය.
නව කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කෙරෙන තේ කිලෝග්රෑම් එකක් ලෝකයේ සුපිරි රටවල්වලට රුපියල් ලක්ෂයත් දෙකත් අතර මිලකට අලෙවි කළ හැකි බවත් ඒ තුළින් ලංකාවේ තේ කර්මාන්තයට ලෝකයේ ලැබෙන ස්ථානය යහපත් එකක්වනු ඇති බවත් අතුකෝරළ මහතා කීය.
නවමු ශිල්පීය තේ කර්මාන්ත ශාලාව සදහා නවමු යන්තසූත්ර සහිත වෙනම පරිශයක් වෙන් කොට කර්මාන්ත ශාලාව වෙනමම සිය ආයතනයේ පවත්වාගෙන යනු ලබන බවත් අතුකෝරළ මහතා වැඩිදුරටත් කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ