රටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන්නේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බවත් මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් බවට පත්ව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
"ලංකාවේ මේ වෙනකොට ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් පවතින්නේ. මේ උද්ධමනයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ රජය මගින් විශාල වක්‍ර බදු ප්‍රමාණයක් ජනතාව මත පටවා තිබීමයි.
අපි මේ පිළිබඳව අධ්‍යනයක් සිදුකරනු ලැබුවා. ලංකාවේ පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28000ක්.පසුගිය සංශෝධනය හේතුවෙන් අමතරව රුපියල් 4000ක් පමණ බදු බල ලෙස දරන්න සිදුවෙලා තියෙනවා.
ලංකාවේ දරිද්‍රතා මායිමේ ඉන්න පවුලක් වුණත් මාසයකට රුපියල් 14000ක් පමණ බදු ගෙවනවා. ලංකාවේ දිලුදුම පවුල් සියයට 10ට රජය රුපියල් 4500ක් ලෙස සමෘධිය දුන්නත් වක්‍ර බදු ලෙස රුපියල් 6675ක් නැවත ලබාගන්නවා.
මේ නිසා රටේ බදු ක්‍රමය වෙනස් වෙන්න ඕන. වක්‍ර බදු අඩුකරලා සෘජු බදු වැඩි කරන්න කටයුතු කරන්න වෙනවා”