ශ්‍රී ලංකාවේ ණය ප්රශ්නය සම්බන්ධයෙන් ජපානය "තමන්ගේ කොටස" කිරීමට සූදානම් නමුත් චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමියන් ද එය විසඳීමේ ප්රයත්නයන්ට සම්බන්ධ විය යුතු බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසූකි මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමකට යාමට නම් ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළ යුතු වෙයි.
මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු සපයන ලෙසත්, චීනය, ඉන්දියාව සහ අනෙකුත් ණය හිමියන් සම්බන්ධ කර ගැනීමට සහ විනිවිදභාවය ඉහළ නැංවීමට ස්වකීය උත්සාහයන් ගන්නා ලෙසත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බ්‍රහස්පතින්දා පැවැති හමුවකදී තමන් ඉල්ලා සිටි බවද මුදල් අමාත්‍යවරයා පැවැසීය.