කාන්තාවන් සඳහා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සාමාන්‍ය අවුරුදු 76/77ත් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් සඳහන් කළේ ළදරු මරණ අනුපාතය උපත් 1000කට 6ක් බවත් මාතෘ මරණ අනුපාතය උපත් ලක්ෂයකට 28ක් බවත්ය.
“ළදරු මරණ අනුපාතිය උපත් 1000 කට 6 යි, මාතෘ මරණ අනුපාතිකය උපත් ලක්ෂයකට 28 යි. මෙම තත්ත්වය එක්සත් රජධානියේ බ්‍රිතාන්‍යයේ අගයට හා සාමානයි. නමුත් අපි වියදම් කරන මුදල් ප්‍රමාණය ඉතා අඩුයි. උපතේ දී ආයු කාලය කාන්තාවන් සදහා අවුරුදු 80 දක්වා වැඩි වී තිබෙනවා. සාමාන්‍ය අවුරැදු 76 ක් 77 ක්.
අපේ සෞඛ්‍ය දර්ශක සෞඛ්‍ය පද්ධතිය හා ඒ හරහා ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. යම් යම් ගැටළු තිබුනත් මෙම පද්ධතිය කඩාවැටීමකට ලක්ව නැහැ. සෞඛ්‍ය පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙනවා. රෝග නිවාරණය අතින් රෝග කිහිපයක් තුරන් කර තිබෙනවා. මැලේරියාව 2016 වසරේ දී තුරන් කළා. එහි සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට ලබාදුන්නා.
බරවා රෝගය තුරන් කිරීමේ අවස්ථාවට අපි ලගා වුණා. සරම්ප රෝගය තුරන් කළා. දැන් ජලභිතිකාව තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. තුරන් කළා සේම එම තත්ත්වය දිගින් දිගටම එලෙස තබා ගැනීම අත්‍යාවශයයි. ඊයේ රෝග නිවාරණ අංශය සම්බන්ධව සමාලෝචනයක් කළා.
සියයට 99.5 ක් ප්‍රතිශක්තීකරණ ආවරණය දැනටත් තිබෙනවා. රෝග නිවාරණ සහ ප්‍රතිකාර අංශය ඉතා හොදින් ක්‍රියාත්මකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙත් ප්‍රධාන ඉළක්කයක් වන්නේ කොපමණ සෞඛ්‍ය සේවා ආවරණයක් ලබාදෙනවා ද යන්නයි. ඒ අනුව මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා.
සෞඛ්‍ය හා අධ්‍යාපනය යන අංශ දෙක මත රටක නිරෝගිමත් ජනතාවක් බිහි වෙනවා. පසුගිය සතියේ හෙද පත්විම් 2500 ක් ලබාදුන්නා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 307 කට පත්වීම් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව ජනතාවගෙන් 10,000 කට එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලබාදීමේ දර්ශකය ඒ අනුව අපි සපුරනවා. අනෙක් මානව සම්පත් අංශයේ පත්වීම් ලබාදීමටත් කටයුතු සුදානම් කොට තිබෙනවා.”