නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවළ හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම ඊයේ (14) පහජ්ජාව කරවළ හා උම්බලකඩ නිෂ්පාදනය කරන මෙගාෆිෂ් ආයතනය විසින් සිදු කරනු ලැබීය.
මෙම කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදිත කරවළ හා උම්බලකඩ පළමු කන්ටේනරය අපනයනය කෙරෙන අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සාම්ප්‍රධායික කරවල නිෂ්පාදනයේ දී හිරු එළියෙන් කරවළ වේලීම සිදු කළත් මෙම නව තාක්ෂණය යටතේ කරවළ හා උම්බලකඩ සකසනු ලබන්නේ වායු සමීකරණ පද්ධතියක් ආශ්‍රිතව විජලනය කිරීමේ ක්‍රමවේදයක් (Air Condition Dehydration) යොදා ගනිමිනි.
මුළුමනින්ම ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ක්‍රම යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන කරවළ හා උම්බලකඩ මිනිස් පරිභෝජනයට ඉතාමත් උචිත වේ. විශේෂයෙන් කරවළ වේලීම සදහා Law Salt ලුණු යොදා ගැනීම, හා මාළුවල අඩංගු තෙල් (Fish Oil) ඉවත් නොවීම වැනි කරුණු නිසා මෙම නව තාක්ෂණය යටතේ වේලන ලද කරවළ ගුණාත්මකබවින් ඉහළ මට්ටමක පවතී.
අපේ රටේ නිෂ්පාදනය කෙරෙන කරවළ හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කරන පළමු අවස්ථාව ද මෙය වේ.
මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.
මම 2018 ධීවර අමාත්‍යවරයාව සිටිය දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුලික පියවර ගත්තා. එවකට ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා මෙම ව්‍යාපෘතියට යෝජනා ඉදිරිපත් කළා.
අද එම ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනවා. සාම්ප්‍රධායික කරවළ සැකසීමේ දී බොහෝ විට අපද්‍රව්‍ය ඊට එකතුවීමට ඉහළ සම්භාවිතාවක් තිබෙනවා. ලුණු වැඩිපුර යොදන්නේ එම තත්ත්වය වළක්වාලීමටයි. නමුත් පළමුවරට වායුසමීකරණ පද්ධති යොදා ගනිමින් සිදු කෙරෙන මෙම කර්මාන්ත ශාලවේ කරවළ නිෂ්පාදනයේ දී අඩුම තරමින් දූවිලි ටිකක් හෝ මැස්සෙක්වත් ඇතුළුවීමට අවකාශයක් නැහැ.
ඒ නිසා මෙම ක්‍රමයට කරවළ හා උම්බලකඩ නිෂ්පාදනය කිරීම මගින් මිනිස් පාරිභෝජනයට ඉතාමත් සුදුසු කරවළ අපිට වෙළෙඳපොලට ඉදිරිපත් කළ හැකියි. මෙමගින් රටට අවශ්‍ය විදේශ විනිමය අපිට ලැබෙනවා. රට තුළ මෙවැනි ව්‍යාපෘති සෑම අංශයක්ම සඳහා යොදාගත හැකියි. යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.