ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
2022 වසරේ දී මෙරට ආර්ථික 7.8%කින් හැකිළීමට ලක්වූ අතර 2023 වසරේ දී ද එය සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ කරනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදී තිබේ.